වප් පොහොය නිමිතිකරගත් පෙර පෝය වැඩසටහන

පාඩම් කිරීමේ කඳවුර - 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් වගකීමනේ ක්‍රියා ඛල යුතු ය. අවසරයකින් තොරව පෙ.ව. 6.45 ට පෙර පාසලට ඇතුළුවීම සපුරා තහනම් වේ.
  • පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියදුම දරුවන් ගුරු භවතුන් රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානවලට පැමිණිය යුතුය.
  • උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීතය පාසල් ගීතය වාදනය වන විටත් හවස ඡත්ථමානවක ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
  • සියලුම සිසුන් පාසල නිමවන තෙක් තම පන්ති කාමරය තුළම රැදී සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා වෙනත් පන්තියක ක්‍රීඩා පිටියේ හෝ වෙනත් ස්ථානයක රැදී නොසිටිය යුතුය. අවශ්‍යතාවත් සදහා වෙනත් පන්ති කාමරයකට යන්නේ නම් අවසර ලබා ගත යුතුය.
  • සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
  • කාණ්ඩ විෂයයන් සදහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය. එක් එක් විෂයට අදාල සිසුන්ගේ නාමලේඛනයක් විෂය භාර ගුරුවරයා විසින් පවත්වාගනෙ යා යුතු අතර සහභාගී වූ /නොවූ බව සටහන්කොට විෂය නායකයා/නායිකාව මගින් පන්තිභාර ගුරුවරයා වෙත යැවිය යුතුය. අවසාන කාලච්ඡේදයේ කාණ්ඩ විෂයයන් සදහා පිටත්ව යන්නේ නම් එම ස්ථානවල සිටම ගාථා ගායනා කොට පාසලෙන් බැහැර විය යුතුය.
  • දරුවන්ට මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය. අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
  • පන්තිභාර ගුරුවරයා විසින් තම සිසුන් වෙනුවෙන් පෙර වැරදි පොතක් භාවිත කළ යුතුය. වැරදි තුනකට වඩා සටහන් වන අවස්තානකදී අංශභාර ගුරුවරයා වෙත යොමු කළ යුතුය. වර්ෂ අවසානයේ එම පොත ඊළග පන්තිභාර ගුරුවරයාට භාරදිය යුතුය. සහතික නිකුත් කිරීමේදී එම පොත පරීක්ෂා කරනු ලැබේ.
  • පාසල් වේලාව තුල කවර හෝ බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
  • පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ. එබදු දෑ ළග තබාගෙන අසුවුවහොත් පාසලෙන් නිල වශයෙන් අස්වී යනතුරු ආපසු ලබා දෙනු නොලැබේ.
  • පාසල් අධ්‍යයන කාලය තුල අවසරයකින් තොරව කිසිදු ක්‍රීඩා පුහුණු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ. ක්‍රීඩා ඇදුම් සහිතව ක්‍රීඩා පිටියේ හැර වෙනත් කිසිදු ස්ථානයක රුදී නොසිටිය යුතුය.
  • විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
  • පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය. ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබය යුතුය. මේ පිළිබද සොයා බැලීම පන්තිභාර ගුරුතුමාගේ පන්ති නායක නායිකාවන්ගේ අදාල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීමකි.දරුවෙකු දින දෙකකට වඩා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමාපියන් විසින් පන්තිභාර ගුරුතුමාට දැනුම් දිය යුතුය. දින තුනක් ඉක්මවා නොපැමිණෙන්නේ නම් භාරකරුවන් පාසලට පැමිණ පන්තිභාර ගුරුතුමා වෙත භාරදිය යුතුය.
  • පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.

 

 

     විදුහල්පති හමුවීම

  • බදාදා දින පෙ.ව 8.00 සිට 12.00 දක්වා

    පාසල් සංගණන අංකය - 17269
  •  දෙමාපියන්ගේ ආචාර ධර්ම පද්ධතිය
     විදුහලේ නීතිරීති හා ආචාර ධර්ම සම්ප්‍රදාාන්ට ගරු කරමි.
     පාසලට කැඳවූ ඕනෑම අවස්ථාවක පැමිණීමට එකඟ වෙමි.
     අංග සම්පූර්ණ ඇඳුමකින් පාසලට පැමිණීම මාගේ යුතුකම බව දනිමි.
    මාගේ දාරුවාට සේම පාසලටත් මම ආදරය කරමි.
  • පාසලේ ප්‍රධාන කළමණාකරු විදුහල්පති ල්‍රෙස පිළිගග්නා
    අතර ඔහු යෝජනා කරන යහපත් වැඩ සදාහා මම සහයෝගය
    ලබා දෙමි.

 

       පාසල් කාර්යාලයීය ආචාර ධර්ම

  • විදුහල්පතිතුමා ඇතුළු අප සැම සතුටින් වැඩ කිරීමට සුදාානම් ය.
  • සිසු දරුවෝ අපගේ වටිනා සම්පත යි. ඔවුහු සුරැකීම අපගේ
    වගකීමයි. යුතුකමයි.
  • පාසලේ කාර්යාලයට පැමිණෙන සියලු දෙනා අප හට ඉතා
    වැදගත්ය .
  • සියලු දෙනාටම සුහදව කතා කිරීම යහපත් මනුෂ්‍ය
    ධර්මතාවයකි.
  • ඔවුන්ගේ අවශ්‍යතාවය කඩිනමින් ඉටුකර දීම අපගේ
    යුතුකමයි.
  • අංග සම්පූර්ණ අඳුමකින් සැරසී කාර්යාලයට පැමිණීමට අප
    උනන්දු කළ යුතුය.
  • කාර්යාලීය කාර්‍ය මණ්ඩලය ඉතා සුහදශීලී හා කාර්යක්ෂම
    විය යුතුය.
  • අපගේ යහ පැවැත්ම හා ප්‍රසන්න පෙනුමට අන් අය ඉතා ප්‍රිය
    කරන බැවින් අප එය ඉටුකරමු.

    සංකල්පය - විදුහල්පති - ඒ. පී. එන්. ආර්. ප්‍රේමකුමාර මහතා.

     සිසුන් සදහා වූ විනය නීති මාලාව

      නිල ඇදුම

  • අනුමත කරන ලද ඇදුමින් සැරසී සියලුම සිසුන් පාසලට පැමිණිය යුතුය.
  • 1 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් නිල් කොට කලිසම, අත් කොට සුදු
    කමිසය, විද්‍යාලයීය ටයි පටිය කළු සපත්තු හා කළු හෝ සුදු මේස් වලින්
    සැරසිය යුතුය.
  • පාසලේ සිසුවියන් දණහිස දක්වා උස් වූ සුදු ගවුම, විද්‍යාලයීය ටයි පටිය , සුදු
    සපත්තු හා සුදු මේස් වලින් සැරසිය යුතුය.
  • පිරිමි ළමුන් ක්‍රමාණුකූලව කොණ්ඩය හා රැවුල කැපිය යුතුය.අනවශ්‍ය කොණ්ඩා
    මෝස්තර තහනම් ය.
  • ගැහැණු ළමුන් කොණ්ඩය කොටට කපා ඇත්නම් උරහිසෙහි නොගෑවෙන සේ
    දෙපසට සිටින සේ ගැට ගසා නිසි ලෙස ගැට ගසා සකස් කරගත යුතුය.
  • ගැහැණු ළමුන් දිග කොණ්ඩය දෙපසට පීරා කරල් දෙකක් වන සේ ගොතා කළු
    රිබන් පටි වලින් ගැට ගැසිය යුතුය.
  • විද්‍යාලයීය ටයි පටිය පැළඳිය හැක්කේ විද්‍යාලයට පැමිණෙන විටත් නිනමිත
    වේලාවට පාසලෙන් බැහැර වන විටත් පාසලේ බාහිර කටයුතු වලට සම්බන්ධ වන විටත්
     පමණි.අන් කිසිම අවස්ථාවක විද්‍යාලයීය ටයි පටිය පැළඳීම තහනම් ය.
  • සෑම කටයුත්තක් සඳහාම කුමන අවස්ථාවක හෝ පාසලට පැමිණිය ද
    අනිවාර්යයෙන්ම නිල ඇදුමින් සැරසී පැමිණිය යුතුය.
  • ජංගම දුරකථන පාසලට ගෙන ඒම සපුරා තහනම් ය.( ගෙනැවිත් හසු වුවහොත්
    ආපසු ලබා දෙනු නොලැබේ) .
  • පොලිතීන් පාසලට ගෙන ඒම තහනම් ය.

      පාසල් පැමිණීම

  • සෑම ශිෂ්‍යයෙක්ම උදාෑසන 7.00 වන විට පාසලට පැමිණියයුතුය. සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රමාද වී පැමිණෙනශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ විනයානුකූලව කටයුතු කරනු ලැබේ.
  • පාසල ආරම්භ කළ පසු සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියමිත පංතිකාමර වල අනවශ්‍ය ලෙස ගෝෂා නොකොට මනාසංවරයෙන් යුතුව සිටිය යුතුයි.
  • පන්ති කාමර වලට මාරු වීමේදී හෝ එවැනි අවශ්‍ය ස්ථානවලට පංතියක් ලෙස යා යුතු අවස්ථා වලදි පේළි වශයෙන් යා යුතුය.
  • ගුරු මව්වරුන්ගේ අවසරය ඇතිව පමණක් පන්තිකාමරයෙන් බැහැර යා හැකි අතර විදුහලෙන් බැහැර යාහැක්කේ විදුහල්පතිතුමාගේ අවසරය ඇතිව පමණි.
  • වේලාසනින් ගෙදර යාමට අවශ්‍ය නම් ඒ සඳහා දෙමාපියන්ගෙන් හේතුව සඳහන් කරමින් ඉල්ලුම් කළ ලිිපියක්ඉදිරිපත් කළ යුතුය.
  • කිසියම් හේතුවක් නිසා පාසලට නොපැමිණියේ නම් නැවතපැමිණෙන දිනයේදී ඊට හේතු දක්වා ලිිපියක් රැගෙන ආ යුතුය.එය මව හෝ භාරකරුගේ අත්සනින් වූ එකක් විය යුතුය .( ඒ සඳහා ගුරු දෙගුරු සම්බන්දතා පොතක් භාවිතා කළ යුතුය.)

       සාමාන්‍ය හැසිරීම

  • විද්‍යාලයේ සේවයේ නියතු සියලුම ආචාර්‍ය මහත්ම මහත්මීන්ට කීකරුව හා අවනතව සිටිය යුතුය.
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම විදුහල තුළ දී හා පිටත දී විනීතව හා සංවරව සිටිය යුතුයි.විශේෂයෙන් වාහන තුළ දී හා වාහන නැවතුම් පොළ වල දී මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.
  • පාසල් කාලය තුළ දී කිසිම කටයුත්තක් සඳහා අවසරයක් නොමැතිව පාසලෙන් පිටවීම සපුරා තහනම් ය.
  • විදුහල ඇතුළත දී හෝ පිටත දී හෝ යම් ශිෂ්‍යයෙකුගේ හෝ ශිෂ්‍යාවකගේ හැසිරීම නරක යැයි විදුහල්පතිතුමාට හැඟී ගියහොත් සුදුසු දඬුවම් පැමිණවීමට අවශ්‍ය බලය විදුහල්පතිතුමා සතුය.
  • විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකවන්ගේ නියෝගයන් පිළිපැදීම හා බසට සවන්දීම සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකගේම යුතුකමකි.

        වෙනත් නීති

  • සෑම ශිෂ්‍යයෙකුම තම ආහාර නිවසින් ගෙන ආ යුතු අතර අවශ්‍ය වුවහොත් විදුහල ආරම්භ කිරීමට පෙර හෝ විවේක කාලයේ දී පමණක් විද්‍යාලයීය ආපනශාලාවෙන් ආහාර මිලදී ගත හැකිය.කෑම ගෙන ඒම සඳහා පෙට්ටියක් භාවිත කල යුතුයි.
  • සෑම ශිෂ්‍යයෙකුම නියම කර ඇති පහසුකම් හා සේවා ගාස්තු මුදල අනිවාර්‍යයෙන්ම ගෙවිය යුතු අතර එසේ ගෙවිය නොහැකි අපහසුතාවයක් වේ නම් උප දිසාපති අනුමැතිය සහිත ප්‍රාදේශීය ලේකම්ගේ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
  • විදුහල පිරිසිදුව්ද් තබා ගැනීම සෑම ශිෂ්‍යයෙකුගේම වගකීම වන අතර පන්ති කාමරයේ හා විදුහලේ ඇති සියලුම උපකරණ ප්‍රවේශම් කිරීමට හා ආරක්ෂා කිරීමට නිතරම වගබලා ගත යුතුය.
  • අනවශ්‍ය මිල මුදල් විද්‍යාලයට ගෙන ඒමෙන් වැළ්කී සිටිය යුතුය.තමා සතු පොත්පත්, මිල මුදල් ඇතුලු සියලුම උපකරණවල ආරක්ෂකයා තමාම විය යුතුය.
  • පාසලට එන විට දී හා පාසලින් බැහැර යන විට දී අනවශ්‍ය තැන්වල නොරැඳී පාරේ දකුණු පැත්තෙන් යා යුතුය.රංචු ගැසී යාම හෝ අනවශ්‍ය පුද්ගලයින් සමඟ රැඳී සිටීම නොකළ යුතුය.
  • විදුහලට අලුතින් පැමිණෙන නවක සිසුන්ට හිරිහැර කිරීම හෝ ඒවාට අනුබල දීම නොකළ යුතුය.
  • ශිෂ්‍ය ජීවිතයට අදාළ නොවන චෝදනා වලට හසුව වැරදිකරු වන ළමුන්ට විනය පරීක්ෂණයකින් පසුව විනයානුකූලව දඬුවම් පමුණුවනු ලැබේ.